Friday, July 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්! කුසල් පෙරේරා අද තරගයට?

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්! කුසල් පෙරේරා අද තරගයට?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතරයි.

මේම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර වාර්ෂාව හේතුවෙන් තරගය නතර වුවහොත් අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව ද ශ්‍රී ලංකාව සතු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස් කම් දෙකක් සිදුකිරීමට නියමිත අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා තරගයට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවෙට ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ අවට ප්‍රදේශවලට ඊයේ දිනයට වඩා අද වැසි ඇතිවීමේ අවදානම වැඩි බව වාර්තා වෙනවා.

READ:   තියුණු සටනකින් ශ්‍රී ලංකාව ජය ලබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්