Thursday, April 23, 2026
Homeදේශීයඋපයන කොට බද්දත් ගන්න සැලසුමක්‍ පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

උපයන කොට බද්දත් ගන්න සැලසුමක්‍ පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීම සඳහා මැදිහත් වීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී.

බදු සංශෝධන ක්‍රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන්.

ඒ අනුව සති දෙකක් තුල උපයනවිට බද්ද සංශෝධනය විය යුතු ආකාරය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස එම කාරක සභාව වෘත්තීය සංගම්වලට දැනුම් දී තිබෙනවා.

උපයන විට බද්ද සංශෝධනය කිරීම ඔස්සේ රජය, මේ වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක තවමත් පහළින් සිටින බව මෙහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව නව බදු ගෙවන්නන් ලියාපදිංචියට, විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී කරුණු දක්වා තිබෙනවා.

නව බදු ගෙවන්නන් සමූහ ලියාපදිංචි කිරීමේ වැඩසටහන් (Bulk Registration) මෙම සතියේ ආරම්භ කිරීමට නියමිත බවත් එම නිලධාරීන් පවසා තිබෙනවා.

file
READ:   ඔබට වටින කෙනා ගාව ඉන්නවට වඩා ඔබව වටින කෙනා ගාව ඉන්න එක පහසුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්