Wednesday, April 22, 2026
Homeක්‍රීඩාසුපිරි 4 වටයේ තීරණාත්මක තරගය අද

සුපිරි 4 වටයේ තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට එක්වෙනවා.

අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ කණ්ඩායම් දෙකටම සමාන ප්‍රසාද ලකුණු ලැබී තරගය නතර වුවහොත් ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව හිමිවෙන බව සඳහන්.

ඒ පාකිස්තාන කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉදිරියෙන් පැවතීම හේතුවෙන්.

තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා.

READ:   අකුණු අනතුරු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්