Sunday, July 26, 2026
Homeක්‍රීඩාඉන්දියාවට විශිෂ්ට ජයක්

ඉන්දියාවට විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති තරගය ලකුණු 228 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ඉන්දියාව වෙනුවෙන් Virat Kohli කෝලි පන්දු 94කදී නොදැවී ලකුණු 122ක් රැස් කළා.
KL Rahul නොදැවී ලකුණු 111 (106)යි.

Shubman Gill ලකුණු 58ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 357ක ඉලක්කයක් හබා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 32ක් තුළ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 128ක් පමණයි.

පාකිස්තාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යෑමට ඉන්දීය පන්දු බලැණියෙන් ඉඩ ලැබුණේ නැහැ.

අගනා පන්දු යැවීමක නිරත වූ Kuldeep Yadav ලකුණු 25කට කඩුලු 05ක් දවා ගත්තා.

READ:   තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් අද ශ්‍රී ලංකාවේ දී ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්