Monday, April 27, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිගෙන් තීරණ රැසක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිගෙන් තීරණ රැසක්

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද රජය අදහස් කර ඇති බව සඳහන් වෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, දැනට ක්‍රියාත්මක විමර්ශන දෙකෙහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්