Sunday, September 20, 2026
Homeදේශීයවෙරළාරක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට

වෙරළාරක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට

වෙරළාරක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ආරාධනයෙන් බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැක ගැනීම සම්බන්ධයෙන් ක්‍රමවේද 03 ක් ඔස්සේ යුරෝපා සංගමයේ නිලධාරීන් මෙරට බලධාරීන් දැනුවත් කිරීමට නියමිතයි.

නෞකා අනතුරු හා වෙරළ ආශ්‍රිත නල පද්ධතිවල දෝෂ පූර්ව ලෙස වළක්වා ගැනීම.

නෞකා අනතුරක් සිදුවුවහොත් එහි හානිය නිවැරදි ලෙස තක්සේරු කිරීම.

එලෙස සිදුවූ හානි සඳහා නිවැරදිව වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය.

යන්න සම්බන්ධයෙන් එම කණ්ඩායම විසින් දැනුවත් කිරීම් සිදුකරයි.

READ:   විදුලි බිල 500% කින් වැඩිකරලා, දැන් සොච්චමකින් අඩුකරලා අඩබෙර ගහනවා. ආණ්ඩුවට මොළය නැහැ - සජිත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්