Friday, September 11, 2026
Homeදේශීයචැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන කාර්යාලයෙන් විමර්ශනයක්?

චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන කාර්යාලයෙන් විමර්ශනයක්?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති විඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා එම කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව බව සඳහන්.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීවරයාට එල්ල වන චැනල් ෆෝ චෝදනා සම්බන්ධයෙන් ඔහු විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන කාර්යාලයට දැනුම්දීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.

චැනල් ෆෝ වීඩියෝවේ සඳහන් අදාළ කරුණු සම්බන්ධයෙන් එම කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ඉහළම තනතුරේ සිට පාර අතුගාන තැන දක්වා දූෂණයෙන් පිරිලා - හිටපු විගණකාධිපති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්