Monday, April 20, 2026
HomeදේශීයBREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ "චැනල් ෆෝ " ආන්දෝලනාත්මක විඩීයෝවක් නිකුත් වෙයි...

BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ “චැනල් ෆෝ ” ආන්දෝලනාත්මක විඩීයෝවක් නිකුත් වෙයි (වීඩියෝව) – අමාත්‍යවරුන්ගෙනුත් කරුණු පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් ෆෝ ” නාලිකාවේ ආන්දෝලනාත්මක විඩීයෝවේ කොටසක් එම නාලිකාව විසින් මේ වන විට සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.

එහි සම්පූර්ණ වීඩියෝව තවත් පැය කිහිපයක් තුළ නිකුත් කරන බව එම නාලිකාව පවසනවා.

නිකුත් කර තිබූ වීඩියෝව සහිත ලිඟුව පහතින්,

https://fb.watch/mSWILDpZle/

කෙසේ වෙතත් චැනල් 4 වීඩියෝව නිකුත් කරන මෙම වීඩියෝ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් වුණා.එහිදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයකට සහය දෙන බවයි.

මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් මේ සම්බන්ධව සිය මතය පැහැදිලි කරමින් මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කර තිබුණා. එම ලිපිය පහතින්

උපුටා ගැනීම-

පාස්කු කුමන්ත්‍රණයේ සත්‍ය!

මීට වසර හතරකට පෙර බරපතළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බොහෝ තොරතුරු දැන් ලෝකය හමුවේ හෙලිදරව් වෙමින් තිබේ.

එකී හෙලිදරව් සියල්ල එදා පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට අප කළ ප්‍රකාශයන් සියල්ල යළි යළිත් සත්‍ය වීමකි.සහතික වශයෙන්ම ඔප්පු වීමකි.

එබැවින් වඩාත් පුළුල්,අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව වර්තමානයේ දී ඉස්මතු වී තිබේ.

එදා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අප හඩ නැගුවේ පාස්කු ප්‍රහාරයේ චූදිතයින් සහ එහි මහමොළකරුවන් වහාම නීතියේ රැහැනට කොටුකරගත යුතු බවය.

එකී හඩ නැගීම් ඉදිරියේ අපට එරෙහිව එදා ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ බොහෝ තර්ජන ගර්ජන මෙන්ම අවලාදවලට ද අපට මුහුණ දීමට සිදුවිය.

එපමණක් නොව,එවක අප නියෝජනය කළ විපක්ෂයේ සමහර නායකයින් පවා එදා මුනිවත රකිමින් සිටි අතර එය අපතුල බලවත් පසුතැවිල්ලකට හේතුවිය.

කෙසේ වෙතත් එදා මේ ප්‍රහාරයේ සත්‍ය හෙලිකරව් කිරීමට විපක්ෂයේ සිටිමින් නලින් බණ්ඩාර ,හෙක්ටර් අප්පුහාමි ,කාවින්ද ජයවර්ධන ,මුජිබර් රහුමාන් ,එරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරු ද අප සමග එක්ව අරගල කළ බව සිහිපත් කරමු.

එමෙන්ම අප වඩාත් විශ්වාස කළ ඇතැම් ආගමික නායකයින්ගෙන් පවා අප වෙත පදනම් විරහිත චෝදනා එල්ල විය.

READ:   පාස්කු වින්දිතයින්ගේ යුක්තිය වෙනුවෙන් - සජිත්ගෙන් ඉල්ලීමක්

එහෙත් අප ඒ කිසිවක් ඉදිරියේ නොසැලුනු අතර අපේ අරගලය නොන්වත්වාම සිදුවිය.එයින් ඇරැඹි ආණ්ඩු විරෝධී අරගලය හේතුකොටගෙන ආණ්ඩු පරිවර්තනයක් පවා අවසානයේ සිදුවිය.

“දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය.” 

යනුවෙන් ශාන්ත පාවුළුතුමන් පවසා තිබේ.අර්බුදයක් නිර්මාණය කොට ඒ මතින් බලය ලබාගත් කිසිවෙකුට එකී බලය පවත්වාගෙන යා නොහැකි බව ස්වභාදහම විසින් පවා ඔප්පු කොට තිබේ.

බංකොලොත්භාවයට පත්ව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී තිබූ රටක අභියෝගය භාර ගැනීමට ඇතැම් නායකයින් බිය වෙද්දි එකී අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාරගත් අතර වසරක් වැනි කෙටි කෙටිකලක් තුළ එකී අභියෝගය ජය ගෙන තිබීම සතුටට කරුණකි.

එදා අප රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙනය. 

එහි කොන්දේසි හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර ඇති අතර ඉතිරිව ඇත්තේ “පාස්කු ප්‍රහාරයේ”චූදිතයින් සියල්ල නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීමය.ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අප ඉල්ලාසිටි අතර නැවත එම ඉල්ලීම සිදුකරමු.

රටේ පැවති අභියෝග ජයගැනීම වෙනුවෙන් ආණ්ඩුව සමග අප එක්වුවත් මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම ආණ්ඩුව තුළ සිටිමින් අප දිගින් දිගටම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළෙමු. මේ වන විට නැවත වරක් එම කරුණ යළි සාකච්ඡාවට ලක්වීම නැවත වරක් ශක්තිමත්ව ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබේ.

කෙසේ නමුත් ආණ්ඩුව තුළ සිටිමින් අප ඉල්ලීම් ඉදිරිපත් කරන විටදීත්, විපක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමත් කණගාටුවට කරුණකි. 

ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නිසි දඬුවම් පැමිණවීම මගනොහැර කළයුත්තකි. අසත්‍යයේ කඩතුරාවෙන් සත්‍ය වසන්කළ නොහැකිය.ඔවුන්ට නීතිය ඉදිරියේදීත්,සොබාදහම ඉදිරියේදීත් ඒකාන්තවම සත්‍ය හෙලිදරව් කරන්නට සිදුවනු ඇත.

හරින් ප්‍රනාන්දු 

සංචාරක හා ඉඩම් අමාත්‍ය 

මනූෂ නානයක්කාර 

විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්