Monday, September 28, 2026
Homeදේශීයකොල්ලුපිටිය දුම්රියපොල ආසන්න මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කොල්ලුපිටිය දුම්රියපොල ආසන්න මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කොල්ලුපිටිය පොලිස් වසමේ දුම්රියපොල ආසන්න මුහුදු වෙරළට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

ඊයේ (04) දහවල් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.

මියගොස් ඇති පුද්ගලයා උස අඩි 05 අඟල් 10ක් පමණ වන තට්ටය සහිත, උඩුකය නිරුවත් සහ යටි කයට දුඹුරු පැහැති යට ඇඳුමක් ඇඳ සිටි බව පොලිසිය සඳහන් කරනවා.

හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   රන්ජන් අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්