බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
2030 වසර වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන කේෂ්ත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් තොර වන බවට වූ ලෝක සම්මුතිය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.


