Monday, April 27, 2026
Homeදේශීයමුහුදු ආශ්‍රිත ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ආශ්‍රිත ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සමඟ මුහුද රළුවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟ වේගය පැයට කිලෝමීටර (60-70) දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවෙන ලෙස ඉල්ලා සිටිනවා.

file
READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්