Monday, September 14, 2026
Homeදේශීයනවගමුව දේවාලයේ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

නවගමුව දේවාලයේ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

නවගමුව පුරාණ ශ්‍රී මහ පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහර ලබන 02 සහ 03 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

රන්දෝලි පෙරහැර 2වනදා රාත්‍රී 07.00 සිට අලුයම 01.30 දක්වාත් දියකපන පෙරහැර 03වනදා උදෑසන 09.00 සිට දහවල් 02.00 දක්වාත් පැවැත්වෙනවා.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ පරණ පාර (ලෝලෙවල් මාර්ගය) වෙලේ හන්දියෙන් හා රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

පෙරහැර පැවැත්වෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම්දෙනවා.

file
file
READ:   චාරිත්‍රය අනුව ජනපති හමුවෙන්න මන්දිරයට ආව පිරිස..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්