Monday, September 14, 2026
Homeදේශීයමාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී

පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

අද (28) උදෑසන මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියා මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවා.

අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මෙම සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

READ:   හදිසි නීතිය දීර්ඝ නොකරන බව ජනපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්