Friday, July 31, 2026
Homeදේශීයමංගල උත්සවයක නර්තනයේ යෙදිමින් සිටි රූමත් තරුණියක් හදිසියේ මරුට

මංගල උත්සවයක නර්තනයේ යෙදිමින් සිටි රූමත් තරුණියක් හදිසියේ මරුට

මංගල උත්සවයක තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටි තරුණියක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කර ඇති අතර එම ආයතනයේ අයකුගේ විවාහ උත්සවයේ දී ඇය මෙලෙස අසනීපව ඇති බව වාර්තා වෙනවා.

නර්තනයේ යෙදිමින් සිටි තරුණිය එම අවස්ථාවේ දී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඇය අසනීප වීම හේතුවෙන් හොරණ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඇය හොරණ රෝහලට ගෙන යාම සඳහා උපදෙස් ලැබී ඇති බවත් හොරණ රෝහලේදී සිදුකළ පරික්ෂාවේදී තරුණිය මියගොස් සිටි බවත් වාර්තා වෙනවා.

READ:   අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්