Friday, June 5, 2026
Homeදේශීයසෙල්සියස් අංශක 39ත් 45 අතර උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

සෙල්සියස් අංශක 39ත් 45 අතර උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (28) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු තත්ත්වයක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල අද උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45ත් අතර විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැදී සිටීම මෙන්ම කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අද දහවල් 12.11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කයේ) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

file
READ:   වැසි සහිත කාලගුණය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්