Wednesday, April 22, 2026
Homeදේශීයසභාපති නැතුව සුබසාධක මණ්ඩලයේ ප්‍රතිලාභ ගෙවීම අර්බුදයක?

සභාපති නැතුව සුබසාධක මණ්ඩලයේ ප්‍රතිලාභ ගෙවීම අර්බුදයක?

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සභාපතිවරයකු නොමැති වීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි පිරිස මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා.

අදාළ මදල් ගෙවීමට අනුමත කිරීමට මණ්ඩලය රැස් විය යුතු බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කමල් පත්මසිරි මහතා පවසනවා.

එහි සභාපති ලෙස කටයුතු කළ බි. විජේරත්න මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වුණා.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයයේ නව සභාපති ලෙස ජයන්ත විජේරත්න මහතා පත්කරන ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් නම් යෝජනා කර ඇති බවයි වාර්තා වුණේ.

කේසේ වෙතත් සුභසාධක මණ්ඩලයට මෙතෙක් නව සභාපතිවරයෙකු පත් වී නැහැ.

READ:   ප්‍රධාන මාර්ග කිහිපයක් නයයෑමේ අවදානමක! මේ පාරවල්වල යනවනම් කල්පනාවෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්