Thursday, July 23, 2026
Homeදේශීයලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි

ලබන 22වනදා සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම්දෙනවා.

25 වනදා දිනය හැර අනිකුත් දිනවල පෙරවරු 9.00 සිට 10.30 දක්වා වාචික පිළිතුරු ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

ඒ අනුව 22 වනදා ‍ පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග, සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරන ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියමය විවාද කොට අනුමතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතයි.

READ:   ආණ්ඩුවට මේ ඡන්දය නවත්වන්න පුළුවන්ද? - හිටපු මැතිවරණ කොමසාරිස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්