Saturday, September 12, 2026
Homeදේශීයයතුරුපැදියේ අනතුරින් පුද්ගලයෙක් මරුට

යතුරුපැදියේ අනතුරින් පුද්ගලයෙක් මරුට

අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ අඩවි වන කාර්යාලය ඉදිරිපිට දී අලව්ව දෙස සිට ගිරිඋලල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා.

පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (18) රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි පසුපස ගමන් ගත් පුද්ගලයා අල්ව්ව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අලව්ව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බදුල්ල දුම්රියේ පුද්ගලයෙක් ගැටෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්