Sunday, July 26, 2026
Homeදේශීයහෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්

හෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්

හෝමාගම කටුවන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ (17) රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.

ඒ ජල පිරිපහදුව සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හා තවත් රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදා හරින කර්මාන්ත ශාලාවක යි.

ගින්න මුළුමනින්ම මැඩපවත්වා ඇති අතර රසායනික දව්‍ය පරිසරයට මුසු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළා.

කර්මාන්තශාලා භූමියේ තිබුණු රසායනික ද්‍රව්‍යවලට ගිනි ඇවිලිමෙන් ඇතිවූ පිපිරීමෙන් පිටවූ දුමාරය සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍රවී පරිසරයට එකතුවීමක් සිදුව ඇති බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීගස්මුල්ල මහතා ප්‍රකාශ කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර අද උදෑසන වන විටද ගින්නෙහි දුමාරය අවට පැතිර තිබූ බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්