මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි සකස් කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාස් ගුණවර්ධන මහතාට අදාළ නඩු කටයුත්තේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා සමඟ එක්ව ගිනි අවි තොගය සමඟ අසත්‍ය සාක්ෂි ගොනු කිරීමේ චෝදනාව මොහුට එල්වී ඇති අතර මේ වන විට ස්විස්ටර්ලන්තයට පැනගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා ද මෙයට සම්බන්ධ බවට හෙළිව තිබේ.
පෝද්දල පොලිස් වසමේ කිතුලන්පිටිය, ඔළුවිටකේ ප්‍රදේශයේ පුවක්වත්ත පාරේ ඔහු පදිංචිව සිටින බවත් කොළඹ අපරාධ කොට්ඨාසයට ඔහුව කැඳවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Dinamina.lk


