Friday, July 31, 2026
Homeදේශීයබටහිර අප්‍රිකානු මුහුදේ යාත්‍රාවක සිටි 60කට වැඩි පිරිසක් මරුට

බටහිර අප්‍රිකානු මුහුදේ යාත්‍රාවක සිටි 60කට වැඩි පිරිසක් මරුට

බටහිර අප්‍රිකානු මුහුදේ සංක්‍රමණිකයින් රැගන යමින් සිටි බෝට්ටුවක සිටි 60කට වැඩ් පිරිසක් මියගොස් තිබෙනවා.

ළමුන් ඇතුළුව පුද්ගලයින් 38 දෙනෙකු මේ වනවිට බේරාගෙන තිබෙනවා.

බෝට්ටුව ගිලී පසුව එය මහුදේ පාවෙමින් තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ජූලි 10 වනදා සෙනගාලයේ සිට පුද්ගලයින් 101 සමඟ යාත්‍රාව පැමිණ ඇති බවත් ඔවුන් මාසයකට වැඩි කාලයක් මුහුදේ ගමන් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් පිරිස අතර වයස අවුරුදු 12 සහ 16 අතර ළමුන් සිව් දෙනෙකු ද වෙනවා.

තවදුරටත් මෙවැනි ජීවිත හානී වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව බලධාරීන් අවධාරණය කර සිටිනවා.

READ:   වනිඳු හසරංග ජාත්‍යන්තරයේ පළමු තැනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්