Sunday, April 26, 2026
Homeදේශීයලොව හොඳම විස්සයි-20 ක්‍රීඩකයා අතරට වනිඳුගේ නමත්

ලොව හොඳම විස්සයි-20 ක්‍රීඩකයා අතරට වනිඳුගේ නමත්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වුන ලබන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ වසරේ විස්සයි-20 ක්‍රීඩකයා තෝරා ගැනීමේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබේ. ඒ අනුව එම සම්මානය සඳහා, ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්, පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සහ එංගලන්තයේ ජොස් බට්ලර් වනිඳු සමඟ එම සම්මානය සඳහා තරග කරන සෙසු ක්‍රීඩකයෝ වෙති.

2021 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වූ කාලය ඇතුළත ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ දක්වන ලද දක්ෂතා මත පදනම්ව මෙම සම්මානය ලබා දීමට නියමිතය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 16 ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමත් සමඟ මෙම වසරේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් වනිඳු හසරංග අන්තර්ජාතක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයට පැමිණීමට සමත්වූවේය. හේ තරග 20 කදී කඩුලු 36 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.63 ක් රඳවා ගනිමිනි. පන්දුවට අමතරව පිත්තෙන්ද දක්ෂතා දක්වා ඇති හසරංග අර්ධ ශතකයක් සමඟ ලකුණු 196 ක් ලබා සිටියි
-Sri Lanka Cricket

READ:   චැනල් ෆෝ චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්