Saturday, July 25, 2026
Homeදේශීයමාන්කුලමේ මාරක අනතුරකින් තිදෙනෙකු මරුට

මාන්කුලමේ මාරක අනතුරකින් තිදෙනෙකු මරුට

මාන්කුලම, ඒ 09 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේදී අද (15) අළුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

පිටපස ලොරි රථයේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී ඔහු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38,46 හා 58 වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.

file
file
file
file
file
READ:   BREAKING NEWS: බස් රථයක් අනතුරක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්