Wednesday, July 29, 2026
Homeදේශීයදරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක් බිමට වැටී මියයයි..

දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක් බිමට වැටී මියයයි..

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අලුත උපන් බිළිඳෙකු ඇඳෙන් බිමට වැටී මියගිය බවට දරුවාගේ මව්පියන් චෝදනා කරනවා.

අනුරාධපුරය, කල්ලන්චිය ප්‍රදේශයේ පදිංචි මව්පියන් යුවළකගේ අලුත උපන් දරුවා, මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම බිළිඳා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් බව හේතුවෙන් බිමට වැටී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් පසුව ඊයේ (13) උදෑසන බිළිඳා ජීවිතක්ෂයට පත්වූ බවත් මව්පියන් චෝදනා කරනවා.

මියගිය බිළිඳාගේ පියා..

” බාබා හම්බවෙන්න ඇඳට දාලා.ඇඳේ බබා හම්බවෙනකොට ඇඳ පැල්ලැහැට කරලා.ඇඳ පැල්ලැහැට කරද්දී බබා අල්ලගන්න කෙනෙක් ඉඳලා නෑ. බබා බිමට වැටිලා තියෙනවා.ඔළුව වැදිලා තියෙනවා බබාගේ.
ඊටපස්සේ මිස් කෙනෙක් ඇවිල්ලා බබා උස්සන් දුවලා..අම්මටවත් පෙන්නලා නෑ.”

READ:   මත් උවදුර මඩින්න දේශබන්දු ගෙන් යුත් විශේෂ කමිටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්