Monday, June 15, 2026
Homeදේශීයදුරකථන සේවා ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

දුරකථන සේවා ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

දැනුම් දුන් පරිදි දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා.

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, මීට පෙර පැවති පෙරගෙවුම් කාඩ්වල මිල ගණන් ද වෙනස්වී ඇති බවයි. ඒ අනුව සමාගමක පෙර පැවති රුපියල් 49 ක කාඩ් පත නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 59 ක් බවට පත් වෙන අතර රුපියල් 99 ට පැවති කාඩ් පතක මිල රුපියල් 119 ක් වනවා.

පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළ හොත් පාරිභෝගිකයින් හට ලැබුණු ඩේටා පැකේජ එම ප්‍රමාණයන්ගෙන් ක්‍රියාත්මක නොවන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

READ:   පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට මුදල් රාජ්‍ය ඇමති එක් වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්