Wednesday, July 29, 2026
Homeදේශීයබන්ධනාගාර නිලධාරියාට පහරදීම සම්බන්ධව තුනක් අත්අඩංගුවට

බන්ධනාගාර නිලධාරියාට පහරදීම සම්බන්ධව තුනක් අත්අඩංගුවට

සේවය නිම කර බස් රථයකින් නිවස බලා යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකුට අවි පෙන්වා බිය ගන්වා අතින් පයින් සහ යකඩ පොලුවලින් පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආදළ බන්ධනාගාර නිලධාරියා ඉකුත් 5වනදා මෙලෙස පහරකෑමට ලක්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය හා යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,23 සහ 30 යන වයස්වල පසුවන වැලිගම හා දික්කුඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   වෛද්‍යවරුන් රට හැර යෑම නිසා ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්