Tuesday, April 28, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු නිෂ්පාදන ශාලාව විවෘත වෙයි: අපේම French Fries රසට...

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු නිෂ්පාදන ශාලාව විවෘත වෙයි: අපේම French Fries රසට හැදෙන්නේ මෙහෙමයි..

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (11) විවෘත කෙරුණා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.

file
file

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා…

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද 11 විවෘත කළා.

මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසු ආරම්භ කළ ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදීම මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ලැබීම සතුටක්.

අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකයම ජනප්‍රිය ආහාරයක්.

මෙතෙක් මෙවැනි කර්මාන්ත ශාලාවක් අපේ රටේ තිබුනේ නැහැ. ඒ නිසාම මේවා ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක් පමණ විදේශ රටවලට ඇදී යනවා.

අප රටේ නිපදවිය හැකි දේ අපේ රටේම නිපදවීම අපේ අරමුණයි. එම නිසා මෙම කර්මාන්තශාලාව මගින් එම ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවීන් 250කගේ අර්තාපල් මේ සඳහා යොදාගන්නවා.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී යැයි කුමරතුඟුන්ගේ කියමන පරිදි මෙම උත්සාහය කුඩා වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙය යෝධ පියවරක් බව කිව යුතුයි.

මේ සඳහා අතහිත ශක්තිය දුන් SAPP, IFAD, ව්‍යාපෘති මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට මගේ කෘතඥතාවය පිරිනමමි.

file
file
file
file
file
file
file
READ:   ලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්