Saturday, October 10, 2026
Homeදේශීයවතුර ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

වතුර ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම ගැටලුවක්ව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය ප්‍රකාශ කළේ, කුරුණෑගල, අක්කරෙයිපත්තුව, බණ්ඩාරවෙල, යාපනය ප්‍රදේශවල ජල මට්ටම් ඉතා අඩු මට්ටමක පවතින බවයි.

කෙසේවෙතත් එම ප්‍රදේශවලට පවතින මට්ටමින් ජලය නිදහස් කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

පවතින තත්ත්වය සලකා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙනවා.

READ:   කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩාලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්