Saturday, July 11, 2026
Homeදේශීයදුම්රිය හරස් මාර්ගයක් අද සිට වසා දැමේ..

දුම්රිය හරස් මාර්ගයක් අද සිට වසා දැමේ..

පොලොන්නරුව, මනම්පිටිය මානිකකම් පට්ටිය දුම්රිය හරස් මාර්ගය අද (10) සිට එළඹෙන 13 වනදා දක්වා වසා තැබේ.

ඒ එම දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 07.00 සිට හෙට (11) පස්වරු 8.30 දක්වා දුම්රිය මාර්ගය අර්ධ වශයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනිද්දා (12) පෙරවරු 7.00 සිට පසුදා (13) පස්වරු 8.30 දක්වා වාහන ගමනාගමනය සඳහා දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණ වශයෙන් වසා තැබේ.

මේ කාලයේදී දුම්රිය සැ.160 දම්. 42 දරන ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ වාහන ධාවනය කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

READ:   ඉහළින් සැමරුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරය (ඡායාරූප)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්