Saturday, September 12, 2026
Homeදේශීයකාණුවක මියගොස් සිටියදී හමුවූ දිනක් වයස බිළිඳාගේ මව්පියන් සොයාගැනේ..

කාණුවක මියගොස් සිටියදී හමුවූ දිනක් වයස බිළිඳාගේ මව්පියන් සොයාගැනේ..

මුල්ලේරියාව, කැලණිමුල්ල වීදිය බණ්ඩාර ප්‍රදේශයේ දී දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් හමුව තිබෙනවා.

අද (09) පෙරවරුවේ ජලය බැසයන කාණුවක තිබී මෙම මළසිරුර සොයා ගැණුනේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණ ගිය යුවළක් ගැන පොලිසීයට තොරතුරු ලැබී තිබුණා.

මේ වන විට අදාළ සැකකාර කාන්තාව සහ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාව සැමියාගේ නිවසේදී දරුවා බිහිකර ඇති බවට අනාවරණය වී තිබේ

කාන්තාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇත.

සැකකාර යුවළ දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බව පොලිසිය පවසනවා.

මුල්ලේරියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරුට අධිකරණයෙන් නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්