Sunday, June 14, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු (French Fries) කර්මාන්ත ශාලාව විවෘත කෙරේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු (French Fries) කර්මාන්ත ශාලාව විවෘත කෙරේ..

බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.

මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවන බව සඳහන්.

ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව විසින් මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1000කි.

READ:   අකුණු සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්