Thursday, May 14, 2026
Homeදේශීයකෘත්‍රීම බුද්ධිය විෂය (A:I) පාසල් අධ්‍යාපනයට

කෘත්‍රීම බුද්ධිය විෂය (A:I) පාසල් අධ්‍යාපනයට

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවත් ඊට අනුගතව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ සැසිවාරකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍ර තුනටම අදාළව මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක්ව දැනටමත් විධිමත් වැඩසටහන් තුනක් සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

දැනට උගන්වන තොරතුරු තාක්ෂණ විෂය ක්‍රමයෙන් විකාශය වී කෘත්‍රීම බුද්ධි විෂය පාසල් අධ්‍යාපනයට එකතු වීම, 6-9 සහ 10-13 වශයෙන් වට දෙකකදී ක්‍රියාත්මක කෙරෙන බවත් වසර අටක ක්‍රියාවලියක් සිව් වසරකින් නිම කරන බවත් ඔහු පවසනවා.

ඊට සමගාමීව ගුරුවරුන් පුහුණු කළයුතු බවත් කලාප 85ක පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථානවල හා ඉතිරි කලාප 15 සඳහාද නව පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ගුරු පුහුණුවීම් ආරම්භ කරන බවත් ඊට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් අවහිරතාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ‘ෆයිබර් ඔප්ටික්‘ සබඳතා ලබාගන්නා බවත් ඒ මහතා සඳහන් කරනවා.

පවත්නා අන්තර්ජාල පහසුකම් හා මහින්දෝදය පරිගණක විද්‍යාගාරවල පරිගණක උපාංග ආදිය යාවත්කාලීන කිරීමෙන් මෙන්ම අමතර වශයෙන් ප්‍රමුඛ පාසල් කිහිපයකටම ෆයිබර් ඔප්ටික් සහිත අන්තර්ජාල පහසුකම් සපයා කලාප මට්ටමින් සුළු අලුත්වැඩියා කණ්ඩායම් සකසා මෙම ඩිජිටල්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය ඉතා කෙටි කලක් තුළ දියත් කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

READ:   කතරගම පාසල් තුනක් වැසේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්