Tuesday, July 28, 2026
Homeදේශීයඅලුත්වැඩියා හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් වැසේ

අලුත්වැඩියා හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් වැසේ

පොලොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර (සැ. 160 දම්. 69 දරන ස්ථානයේ) මානික්කම් පට්ටිය දුම්රිය හරස් මාර්ගයේ, එළඹෙන 10 , 11, 12 හා 13 දිනවල අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් එම හරස් මාර්ගය මේ මස 10 වනදා පෙ.ව. 07.00 සිට 11 වනදා ප.ව. 20.30 දක්වා අර්ධ වශයෙන් ද 12 වනදා පෙ.ව. 07.00 සිට 13 වනදා ප.ව. 8.30 දක්වා වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණ වශයෙන් ද වසා තබන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මේ කාලයේදී දුම්රිය සැ.160 දම්. 42 දරන ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ වාහන ධාවනය කළ හැකියි.

READ:   පාන් ගෙඩියේ මිල සහ බර ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්