Tuesday, July 21, 2026
Homeදේශීයවෙළඳසැලක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ..

වෙළඳසැලක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ..

බඩල්කුඹුර පොලිස් වසමේ මොණරාගල බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළඳසැලක් අසල ගෙලිහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (14) දහවල් මේ සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා එම පළතුරු වෙළඳසැලෙහි හිමිකරු බවට අනාවරණය වී ඇති අතර ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

බඩල්කුඹුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   Colombo Dockyard Completes Major Milestone in Construction of Advanced Vessel for France’s Orange Marine
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්