Thursday, May 14, 2026
Homeදේශීයගොවීන් වෙනුවෙන් නාමල් රාජපක්ෂගෙන් විශේෂ ස්තූතියක්..!

ගොවීන් වෙනුවෙන් නාමල් රාජපක්ෂගෙන් විශේෂ ස්තූතියක්..!

නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් වෙනුවෙන් සමනල වැවේ සිට උඩවලව ජලාශය වෙත ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට සිය ස්තූතිය පුද කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර ගොවි ජනතාව වෙනුවෙන් හඬ නැඟු පක්ෂ විපක්ෂ සියලු දෙනාට තම ස්තූතිය පුද කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ.

ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා සිය සතුට සහ ස්තූතිය පුද කර සිටිනවා.

එමෙන්ම නියගය නිසා වගා හානි වූ පීඩාවට පත් ගොවීන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ජුලි මාසයේ මෙරට උද්ධමනය 66% ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්