Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS -පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි: ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට..

BREAKING NEWS -පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි: ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට..

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට ගුවන් යානයක් කඩා වැටීමෙන්, ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ, ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.එම යානය ගුවන් පරීක්ෂණ කටයුත්තක් (Air Test) සඳහා අද(07) උදෑසන 11. 25 පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වී ඇති අතර උදෑසන 11. 27 ට පමණ ගුවන් හමුදා චින වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසනවා.

අනතුරින් එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

READ:   16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්