Tuesday, July 28, 2026
Homeදේශීය"නාට්ටාමි ආමි " කොළඹ රෑ වෙද්දී අමුතු වැඩක්!

“නාට්ටාමි ආමි ” කොළඹ රෑ වෙද්දී අමුතු වැඩක්!

චිත්‍රපටයක මංගල ප්‍රදර්ශන අත්දැකීම කොළඹ පිටකොටුවේ වෙසෙන නාට්ටාමිවරුන් වෙනුවෙන් ලබා දීමට එම චිත්‍රපටයේ නිර්මාණකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ දේවින්ද කෝන්ගහ මහතාගේ සිනමා නිර්මාණයක් වන “නාට්ටාම් ආමි ” චිත්‍රපටයේ පළමු දර්ශනවාරයයි..

චිත්‍රපටය මහජන දර්ශනයට මුදාහැරීමට පෙර අද (06) රාත්‍රියේ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී එහි මංගල ප්‍රදර්ශනය නාට්ටාමි වෘත්තීයේ යෙදෙන ජනතාව වෙනුවෙන් සිදුකරන බව චිත්‍රපටයේ නිෂ්පාදකයන් පැවසුවා.

සමාජ සත්කාර්යය ව්‍යාපෘතියක් ලෙස මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කර ඇත.

නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල අය 500ක් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක් ද මීට සමගාමීව පැවැත්වෙයි.

file
file
file
file
READ:   විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්