Wednesday, June 17, 2026
Homeදේශීයදුම්රියපොළක් ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

දුම්රියපොළක් ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

රාගම පොලිස් වසමේ රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් හමුව තිබෙනවා.

ඊයේ (05) උදෑසන මේ සම්බන්ධයෙන් රාගම පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය වයස අවුරුදු 65ත් 75ත් අතර උස අඩි 05 යි අඟල් 14 ක් පමණ වන පිරිමි අයෙකුගේ බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ මියගිය පුද්ගලයා තළෙළු සිරුර සුදු කොණ්ඩය මැද තට්ටය උඩු රැවුල හා යටි රැවුලක් වවා ඇති පුද්ගලයෙකි.

ඔහු සුදු හා ලා අළු වර්ණයෙන් යුත් කමිසයක් හා අළු පැහැති කොටු සහිත කොට කලිසමක් හැඳ සිටි බව පොලිසිය පවසනවා.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   තවත් වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්