Friday, April 24, 2026
Homeදේශීයවිභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික 2023.08.07 සිට එම අමාත්‍යාංශය වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

වර්ෂ 2001 සහ ඉන් පසු පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වේ.

මෙමගින් විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් ඉල්ලුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරණු ලබයි.

එහිදී අයදුම්කරු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.

මේ සම්බන්ධයෙන් විමසීම පහත දුරකථන අංක ඔස්සේ සිදුකළ හැකියි.

සෘජු දුරකථනය අංකය – 1911

ෆැක්ස් අංකය – 0112784422

පොදු දුරකථන අංකය – 011 2788137 / 011 2784323

file
READ:   පාසලක බඹරයක් ඇවිස්සී ළමුන් 17ක් රෝහලේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්