Sunday, April 26, 2026
Homeදේශීයජල ගාස්තුවට මිල සූත්‍රයක්..

ජල ගාස්තුවට මිල සූත්‍රයක්..

මිල සූත්‍රයක් මගින් මාස 6කට වරක් ජල ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ජලය පිරිපහදුව සඳහා වියදම් එනම් විදුලි ගාස්තු, රසායන ගාස්තු ද්‍රව්‍ය ඇතුළු කරුණු මුල් කර ගනිමින් මිල සුත්‍රය සකස් කෙරෙන බවත් , එහි වියදම්වලට අනුව මාස 6කට වරක් ජල ගාස්තුව තීරණය කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළා.

අමාත්‍යාංශය පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩුවන්නේ නම් ජල බිලද අඩුවිය හැකි බවයි.

මේ අතර අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමුවා.

READ:   "ආත්ම ගරුත්වය වෙනුවෙන්, මගේ ආසම රස්සාව මම අත්හැරියා" - ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් සංවේදී Fb සටහනක් තබමින් මාධ්‍ය ජීවිතයට සමුදෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්