Tuesday, September 15, 2026
Homeදේශීයදකුණු පළාතට විදුලි කප්පාදුවක්..?

දකුණු පළාතට විදුලි කප්පාදුවක්..?

උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත්, දකුණු පළාතට පැය 03ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ලංකා විදුලි බල මණ්ඩලය ඒ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.

සිය වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නැයි ඉල්ලා මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ හේතුවෙන් අමාත්‍යවරයා එම සැකච්ඡාව කැඳවා තිබෙනවා.

එහිදී සමනලවැවේ සිට උඩවලව ජලාශයට දින 10 කට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා, කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කළා.

එසේ වුවහොත් පවතින ජල මට්ටම තවත් පහළ යාම හේතුවෙන් දකුණු පළාතට පැයක සිට පැය 3ක් දක්වා විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව, විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

READ:   සජිත් දුක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්