Tuesday, July 28, 2026
Homeදේශීයකන්න බැරි කෑම විකුණපු Gall Face වෙළෙන්දන්ට වැඩ වරදී..

කන්න බැරි කෑම විකුණපු Gall Face වෙළෙන්දන්ට වැඩ වරදී..

ගාලු මුවදොර ආශ්‍රිතව කළ වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් 4කට එරෙහිව නඩු පැවරූ බව
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඒ අනුව, ගාලු මුවදොර ආහාර වෙළෙඳුන් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, ආහාර අපිරිසිදු බවට නිරන්තරයෙන් ජනතා පැමිණිලි ලැබෙන බවයි.

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලුමුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවස්ථාව දෙන බව ද, ඔහු සඳහන් කළා.

READ:   අද ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ - බලශක්ති ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්