Tuesday, July 21, 2026
Homeදේශීයඅඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 25000ක්

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 25000ක්

ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවත්වා තිබෙනවා.

පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට බලාපොරොතු වන බවත්, එම නිවෙස් වල වහලය මත සවිකරන සූර්ය පැනලවල විදුලිබලය ජාතික පද්ධතියට ලබාදීමෙන් ලැබෙන ආදායම මගින්, නිවාසය ඉදිකිරීමේ හා සූර්ය පැනල වෙනුවෙන් වැය වූ මුදල් ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

වියාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදාල පාර්ශව කරුවන් සමග සාකච්ඡාවට ගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   ශ්‍රී ලංකාවේ එකලස් කළ අතිනවීන මෝටර් රථයක් හඳුන්වා දෙයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්