Thursday, July 30, 2026
Homeක්‍රීඩාපාකිස්තානයෙන් දැවැන්ත අභියෝගයක්..

පාකිස්තානයෙන් දැවැන්ත අභියෝගයක්..

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පාකිස්තාන පළමු ඉනිම අද (27) උදෑසන අවසන් වුණා.

ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 05කට ලකුණු 576ක් ලබා සිටිය දී.

ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

ඒ අනුව ඉනිම පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව තවත් ලකුණු 410ක් ලබා ගත යුතුයි.

මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 33ක් ලබා ගෙන සිටිනවා.

තරගයේ සිව් වන දිනය අදයි.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්