Monday, September 14, 2026
Homeදේශීයතවත් භූ කම්පනයකින් මහ පොළොව සෙලවෙයි..

තවත් භූ කම්පනයකින් මහ පොළොව සෙලවෙයි..

දකුණු තුර්කියේ අදානා පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එරට වේලාවෙන් අද (25) උදෑසන 05:44ට පමණ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන්ව තිබෙනවා.

අදානා නගරයේ සිට කිලෝමීටර 64ක් පමණ දුරින් වන සිරියානු දේශසීමාව ආසන්නයේ මෙම භූ කම්පනය හට ගෙන ඇත.

සිදුව ඇති හානීන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

මීට මාස 5කට පමණ පෙර මෙම ප්‍රදේශ ආසන්නයේ ම සිරියාව සහ තුර්කී දේශසීමාව සමීපයේ ප්‍රබල භූ කම්නයක් ඇතිවුණා. 

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.8ක් ලෙස සටහන්ව තිබුණා.

එම භූ කම්පනයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

file
READ:   කැළණි රජමහා විහාරයේ සදාකල් වසා ඇති කාමර යක් තුල සැඟවුණ අසහාය සිත්තරෙකුගේ ඛේදාන්තය ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්