Monday, September 28, 2026
Homeදේශීයඅලුත් ජනාධිපති නීතිඥවරු 07ක්

අලුත් ජනාධිපති නීතිඥවරු 07ක්

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවීන්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ, චේතිය ගුණසේකර යනාදීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම පිරිස ඉදිරි කාලයේදී දිවුරුම් දීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

READ:   කෙහෙළිය දන්නෑ කියයි! සමූහ ඝාතනයක්, එන්නත් මිනිස්සුන්ට විදලා මහමොළකරුවෝ නිදැල්ලෙ බවට චෝදනා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්