වත්මන් ආණ්ඩුව තමන් ගෙන යන මර්දන ක්‍රියා හේතුවෙන් මෙතෙක් නොතිබුණ අරගල හා සටන් ක්‍රියාමාර්ග නිර්මාණය කරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
සිය පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
“වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැස්වීම්, තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ ඊයේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාල නිරෝදායන නීති ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ගත්තාම කොරෝනා ආසාධිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලීසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලීසිය ක්‍රියා කරනවා කියලා.
මර්දනයෙන් ආණ්ඩුව නැති සටන් හදාගන්නවා
නවතම වීඩියෝ
-
🔴මහින්දගේ තවත් බොරුවක්??සහරාන්ගේ මස්සිනා ගැන ඇත්ත කතාව තරිදු ජයවර්ධන කියයි.
-
ජෛවමිතික දත්ත සහිත හැදුනුම්පත ගැන පුබුදුගෙන් බරපතල හෙළිදරව්වක්.අනුරත් මේ දැවැන්ත ජාවාරමට හවුල්ද?
-
ඊයේ වටලපු ජොනිගේ හෝටලය ගැන ජොන්ස්ටන් කට අරී.
-
🚨අදත් යෝෂිතට ඇප ලැබුනානේ මාධ්‍ය නෝන්ඩියට අහයි.මන්ත්‍රී දේවානන්ද ඇප දුන්නාට යෝෂිතට කෙලවෙන හැටි කියයි


