Friday, June 5, 2026
Homeදේශීයක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමේ ඒකකය ශක්තිමත් කිරිමට සැලසුම් රැසක්

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැළැක්වීමේ ඒකකය ශක්තිමත් කිරිමට සැලසුම් රැසක්

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක් ඇති බව ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී.

file

පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමෙන් අනතුරුව පැවති මෙම සාකච්ඡාවේ දී ඉන්ටපෝල් ආයතනයත්, එක්සත් ජාතින්ගේ ක්‍රීඩා දූෂණ මර්ධන ඒකකයත් සමඟ එකතුව ක්‍රීඩා හා වංචා දූෂණ වැළැක්විමට සහය ලබා ගැනීමට ද, මේ සඳහා පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකය නිසියාකාරව බල ගන්වමින් විධිමත්ව පවත්වාගෙන යාමට ද අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම ලබා දෙන බව පවසා තිබේ.

ක්‍රීඩාව හා සම්බන්ධව සිදුවන වංචා හා දූෂණ වැළැක්වීමේ විමර්ශන ඒකකය ශක්තිමත් කිරිමේ අවශ්‍යතාව පිළිබඳ මින් පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී ඒ සඳහා ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව පොලිස්පතිවරයා පවසා තිබුණා.

එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරල් සුමති ධර්මවර්ධන මහත්මා නිතිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් වංචා හා දූෂණ වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අත්‍යවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කර ඇත.

ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය තව තවත් ශක්තිමත් කර ක්‍රිඩාවන්හි සහ ක්‍රිඩා සංගම්හි වංචා හා දූෂණ වැලැක්වීමට විධිමත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

READ:   අභිනව අටමස්ථානාධිපති හිමිපාණන් වැඩ භාර ගනියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්