අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා.
තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව අද (20) ඒ මහතා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කෙරුණා.
ඒ අනුව එම ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරුණා.


