Tuesday, July 21, 2026
Homeදේශීයජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා පදවිප්‍රාප්තියෙන් පසු ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී දෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   බොර තෙල් මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්